අද අපි මේ පොස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ පල්ලෙහා පින්තුරයේ තීන Security Boot Fail Error  එක හදාගන්නේ කොහොමද කියලා. 

මේ Error එක බලා ගන්න පුළුවන් බොහෝවිට windows ඉන්ස්ටෝල් කිරීමට හදද්දී ඔයාගේ Bootabale Device එක බූට් නොවී මේ ආකාරයට වැටෙනවා. හරි අපි බලමු මේක කොහොමද  හදාගන්නේ කියලා. 

ඔයාට කරන්න තින්නේ ඔයාගේ Computer එකේ Bios වලට යන්නයි. ඉතින් එකට ඔයා Computer එක On වෙනවා එක්කම Bios වලට අදාල Key එක ඔබන්න ඕනි. බොහෝ Computer වල F2 Key එක තමා Bios key එක. ඉතින් මේක Motherboard එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් Bios Key වෙන්නේ  F1,F2,... F12 අතර  Functions Key එකක් හෝ Delete Button එක විය හැක. 

ඔයා Bios වලට ගියාට පස්සේ බලාගන්න පුළුවන් Security කියලා ටැබ් එකක් ඉතින් ඔයා අන්න ඒ ටැබ් එකට ගිහින් Set Supervisor Password කියන එක Enter කරලා එකට පාස්වර්ඩ් එකක් දෙන්න. ඉතින් ඒ  Password එක තමයි ඔයාගේ Bios Password එක විදිහට වැටෙන්නේ. ආයේ Bios වලට ලොග් වෙනවනම් ඒ Password එක දිය යුතුයි. එක නිසා Passward එක දෙද්දී මේ කාරණාවත් මතක තියා ගත යුතුයි. 

ඊට පස්සේ ඔයා Boot කියන ටැබ් එකට ගිහිල්ලා  Secure Boot කියන Option එක Disabled කරලා F10 ඔබන්න. ඊටපස්සේ ඔයාට Save And Exit වෙලා ඔයාගේ Bootable Device එක Boot කරවන්න. එවිට දෝෂය සමනය වී ඇතැයි දැකිය හැක.